සංක්‍රමණ වංචාවලින් ඔබව ආරක්ෂා කරගැනීම
සංක්‍රමණ වංචා පිළිබඳව අවධානයෙන් සිටීම සහ එවන් වංචා සහ වීසා වංචා වලින් ඔබව ආරක්ෂා කරගැනීමේක්‍රම.
ඔබ නවසීලන්තය වෙත පැමිණීමට වීසා ලබාගැනීමට සැලසුම් කරන්නේ නම්, ඔබගේ මුදල් ගෙන යාමට හෝ ඔවුන් පොරොන්දු නොවන රැකියා සඳහා ඔබව ලියාපදිංචි කිරීමට වංචා කළ හැකි පුද්ගලයින් පිළිබඳව විමසිල්ලෙන් සිටින්න.
පහත දැක්වෙන්නේ ඔබ සොයා බැලිය යුතු වංචා සහ එවන් වංචා හෝ වීසා වංචා වලින් ඔබව ආරක්ෂා කරගැනීමට ඔබට ගත හැකි පියවරයන්ය.
ඔබ දැනටමත් නවසීලන්තය තුළ වැඩ කරන්නේ නම් සහ, ඔබව අයුතු ලෙස සූරාකන බව ඔබ සිතන්නේ නම්, නවසීලන්ත සංක්‍රමණ (Immigration New Zealand - INZ) වෙතින් උදව් ඉල්ලා සිටීමට බිය නොවන්න. අප හා රැකියා නවසීලන්ත (Employment New Zealand) ඔබට උදව් කළ හැකි අතර, අවශ්‍ය නම් ක්‍රියාත්මක විය හැක.
සංක්‍රමණ සේවකයන් අයුතු ලෙස සූරාකෑම - රැකියා නවසීලන්ත (Employment New Zealand)
ඔබගේ රැකියාව සඳහා ගෙවන ලෙස ඔබෙන් ඉල්ලා සිටී
ඔබගේ රැකියාව සඳහා ගාස්තු ගෙවීමට ඉල්ලා සිටින්නේ නම් අවධානයෙන් සිටින්න, සමහරවිට එය 'සැකසුම් ' හෝ ' ස්ථාපනය කිරීමේ’ ගාස්තු ලෙස හැඳින්විය හැක.
නවසීලන්තයෙහි සේවායෝජකයන්ට ඔබගෙන් රැකියාව සඳහා ගාස්තු අය කළ නොහැක, නැතහොත් ඔවුන්ගේ බඳවාගැනීමේ වියදම් ඔබගෙන් ගෙවන ලෙස ඉල්ලා සිටිය නොහැක. මෙයට තෙවන පාර්ශවයකින් වක්‍ර ලෙස ගෙවන ලෙස ඉල්ලා සිටින අවස්ථාද ඇතුළත් වේ.
ඔබ පහත අය භාවිතා කරන්නේ නම්:
- රැකියා ඒජන්සියක් නම් ඔවුන් ඔබගෙන් සෘජුවම අය කිරීමට උත්සාහ කරන අධික ගාස්තු පිළිබඳව අවධානයෙන් සිටින්න. රැකියා ඒජන්සියෙන් අය කරන ගාස්තු, ඔවුන් ඔබට සපයන සේවාවට අනුකූල විය යුතුය.
- සංක්‍රමණ උපදේශකයෙක් නම් ඔවුන්ගේ සේවාව සඳහා සාධාරණ මිලක් ගෙවිය යුතුය. නවසීලන්ත සංක්‍රමණ මගින් ඔබගෙන් අයකරන්නේ අයදුම්පත්ර ගාස්තුව පමණි. වෛද්‍ය පරීක්ෂණයක් සම්පූර්ණ කරන විට වැනි ඔබගේ අයදුම්පත්‍රයට අවශ්‍ය සාක්ෂි රැස් කරන විට වියදම් දැරීමට සිදුවිය හැක.
අයදුම්පත්‍රයට ප්‍රමුඛතාවය ලබා ගැනීම හෝ සංක්‍රමණ නිලධාරීන්ට ප්‍රවේශය ලබා ගැනීම
රැකියාවක් හෝ වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලැබීම සඳහා බොරු කීම නීති විරෝධීය.
ඔබට මෙය කිරීමට උපදෙස් දෙන උපදේශකයෙක් හෝ වෙනත් තෙවන පාර්ශවයක් නීතිය උල්ලංඝනය කරයි. එය ඔවුන් වෙනත් සංක්‍රමණ හෝ රැකියා නීති උල්ලංඝනය කිරීමටද ඉඩ ඇති බවට ලකුණකි.
ඔබ සපයන තොරතුරු සත්‍ය වීම ඉතා වැදගත්ය. ඔබ කරන බොරු ප්‍රකාශන ඔබගේ වත්මන් සහ අනාගත වීසා අයදුම්පත්‍රවලට බලපායි.
ඔබට බොරු කීමට ඉල්ලා සිටියි
රැකියාවක් හෝ වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලැබීම සඳහා බොරු කීම නීති විරෝධීය.
ඔබට මෙය කිරීමට උපදෙස් දෙන උපදේශකයෙක් හෝ වෙනත් තෙවන පාර්ශවයක් නීතිය උල්ලංඝනය කරයි. එය ඔවුන් වෙනත් සංක්‍රමණ හෝ රැකියා නීති උල්ලංඝනය කිරීමටද ඉඩ ඇති බවට ලකුණකි.
ඔබ සපයන තොරතුරු සත්‍ය වීම ඉතා වැදගත්ය. ඔබ කරන බොරු ප්‍රකාශන ඔබගේ වත්මන් සහ අනාගත වීසා අයදුම්පත්‍රවලට බලපායි.
ඔබට නවසීලන්ත ජාතිකයෙකුට ඇති අවම රැකියා අයිතිවාසිකම් නොමැති බව කියයි.
මෙය සත්‍ය නොවේ. සංක්‍රමණිකයන් ඇතුළු නවසීලන්තයෙහි සියලු දෙනාට එකම අවම රැකියා අයිතිවාසිකම් ඇත. මෙයට ගෙවීම් සහිත නිවාඩු සහ අසනීප නිවාඩු සඳහා අයිතිය, සහ අනාරක්ෂිත රැකියා ස්ථාන වැඩපිළිවෙල් පිළිබඳව පැමිණිලි කිරීමට ඇති අයිතිය ඇතුළත් වේ.
ඔබට එවන් අයිතිවාසිකම් නොමැති බව කියන අය සංක්‍රමණ හෝ රැකියා නීති උල්ලංඝනය කරමින් සිටිය හැක.
සේවකයන්ගේ අවම රැකියා අයිතිවාසිකම් – රැකියා නවසීලන්ත (Employment New Zealand)
සංක්‍රමණ සේවකයන් අයුතු ලෙස සූරාකෑම වාර්තා කරන්න – රැකියා නවසීලන්ත (Employment New Zealand)
ඔබට ඉදුම් හිටුම් සමඟ ඔබට “පැකේජ්” ගිවිසුමක් ලබා දේ
නවසීලන්තයෙහි රැකියාවක් සමඟ ඉදුම් හිටුම් ලබා දීම සාමාන්‍ය නොවේ.
ගොවිපලක වැඩ කිරීම හෝ ඉදුම් හිටුම් සපයන ආයතනයක වැඩ කිරීම වැනි සමහර අවස්ථාවලදී පමණක් මෙය තේරුම් ගත හැක.
වීසා බලපත්‍රයක් සමඟ රැකියාව සහ ඉදුම් හිටුම් දෙන “පැකේජ්” ගිවිසුම් පිළිබඳව අවධානයෙන් සිටින්න – වංචාකරුවන් ඔබගෙන් ඉදුම් හිටුම් සඳහා අධික ගාස්තු අය කිරීමට උත්සාහ කළ හැක.
ඔබට ස්ථිර නේවාසිකත්වය සම්බන්ධ පොරොන්දුවක් ලබා දෙයි.
නවසීලන්තය අධ්‍යයනය සහ රැකියාව සඳහා විශිෂ්ට අවස්ථා සපයයි. තාවකාලික වීසා බලපත්‍රයක් මගින් ඔබට මෙම අවස්ථා භුක්ති විඳීමට ඉඩ සලසයි, නමුත් ඒ මගින් ස්ථිර නේවාසිකත්වය ලබා දෙන බවට කිසිදු සහතිකයක් ලබා නොදේ.
වංචාකරුවන් විසින් ස්ථිර නේවාසිකත්වය ලබාගැනීමේ හැකියාව අධික ලෙස කියා සිටිය හැකි බැවින් අවධානයෙන් සිටින්න, ස්ථිර නේවාසිකත්වය ලබා ගැනීමේ මාර්ග සඳහා විශේෂ කුසලතා, අත්දැකීම්, සුදුසුකම් හෝ රැකියා අවශ්‍ය වේ.
අනාගත ආදායම්, ගෘහ මිලදී ගැනීම, හෝ රජයේ සහය ලබා ගැනීම පිළිබඳ පොරොන්දු
ඔබ මෙහි පැමිණීමට තීරණය කළ යුත්තේ ඔබට දෙන දේ මතය, ඉටු නොවිය හැකි අනාගත පොරොන්දු මත නොවේ.
සාමාන්‍යයෙන්, ඔබට ස්ථිර නේවාසික වීසා බලපත්‍රයක් නොමැති නම් ගෘහයක් මිලදී ගැනීම හෝ රජයේ මුදල් සහය ලබාගත නොහැක ඔබට අමතර මුදල් උපයාගැනීමට අමතර රැකියා භාරගත නොහැක.
ඔබට උපදේශකයෙකු භාවිතා කළ යුතු බව කියයි
සා බලපත්‍ර සඳහා අයදුම් කිරීමට උපදේශකයෙකු භාවිතා කිරීම අනිවාර්ය නොවේ. අපගේ වෙබ් අඩවියේ ඇති තොරතුරු භාවිතා කර ඔබටම වීසා බලපත්‍ර සඳහා අයදුම් කළ හැක.
ඔබ උපදේශකයෙකු භාවිතා කිරීමට තීරණය කළහොත්, අදාළ බලපත්‍රය ඇති සංක්‍රමණ උපදේශකයෙකු (Licensed Immigration Adviser – LIA), සහතික ලත් නවසීලන්ත නීතිඥයෙකු, හෝ නීතිමය ලෙස සංක්‍රමණ උපදෙස් ලබා දීමට හැකි වෙනත් අයෙකු පමණක් භාවිතා කරන්න. ඔබගේ භාෂාව, ස්ථානය සහ වියදම මත පදනම්ව ඔබට LIA තෝරාගත හැක.
අයදුම්පත්‍රය සම්බන්ධ යාවත්කාලීන ඔබට නොලැබේ
ඔබගේ උපදේශකයා හෝ තෙවන පාර්ශවය ඔබගේ අයදුම්පත්‍රය පිළිබඳ යාවත්කාලීන තොරතුරු නොදෙනවා නම්, අයදුම්පත්‍ර සලකා බැලීමට ගන්නා කාලය පිළිබඳව අපගේ වෙබ් අඩවියට ගොස් සොයාගත හැක.
ඔබට තොරතුරු නොලැබීම නිසා ඔබ කනස්සල්ලෙන් සිටී නම්, ඔබට අපව සෘජුවම අමතා ඔබගේ අයදුම්පත්‍රය පිළිබඳව තොරතුරු සොයා ගත හැක.
අයදුම්පත්‍රයක් සලකා බැලීමට ගන්නා කාලය කොපමණද
නවසීලන්ත සංක්‍රමණ ලෙස පෙනී සිටින සැක සහිත ඊමේල් පණිවුඩයක් හෝ වෙබ් අඩවියක් ඔබට හමුවිය හැක.
සමහර නවසීලන්ත සංක්‍රමණ මාර්ගස්ථ සේවා ලෙස පෙනී සිටින වංචනික ඊමේල් සහ වෙබ් අඩවි සම්බන්ධයෙන් අපි දැනුවත්ව සිටිමු. ඔබ වංචාකරුවන් විසින් සකස් කළ අසත්‍ය වෙබ් අඩවි වෙත යොමු නොවීම සඳහා අපගේ නිල සබැඳි භාවිතා කරන බවට වග බලා ගන්න. ඔබට මෙය තහවුරු කළ හැක්කේ වෙබ් අඩවියේ ලිපිනය පරීක්ෂා කිරීමෙන්, එය නිවැරදිව ‘.immigration.govt.nz’ ඇතුළත් කර ඇති බව සනාථ කිරීමෙනි. වංචනික වෙබ් ලිපින සමාන ලෙස පෙනී සිටිය හැකි බැවින් අවධානයෙන් පරීක්ෂා කරන්න.
නවසීලන්ත සංක්‍රමණ වෙතින් එන නිල ඊමේල් ලිපින අවසන් වන්නේ ‘immigration.govt.nz’ හෝ ‘mbie.govt.nz’ යනුවෙන්ය.
Own Your Online යනු නවසීලන්ත රජය විසින් ජනතාවට සයිබර් ආරක්ෂාව පිළිබඳව ඉගෙනීමට උපකාර කිරීමට සකස් කළ වෙබ් අඩවියකි. එය මගින් අන්තර්ජාල වංචා මොනවාද යන්න හඳුනාගැනීමේ වැඩි උපදෙස් ලබාගත හැක.
දැන් උපකාර ලබාගන්න — Own Your Online
ඔබට වීසා ගාස්තුව හෝ වෛද්‍ය ගාස්තු බැංකු ගිණුමකට ගෙවීමට කියයි
අප කිසිවිටෙකත් ඔබගෙන් වීසා අයදුම්පත්‍ර ගාස්තු බැංකු ගිණුමකට මුදල් තැන්පත් කිරීමෙන් ගෙවීමට නොකියමු. අපගේ මාර්ගස්ථ හෝ කඩදාසි පදනම් අයදුම්පත්‍ර සඳහා අප භාරගන්නේ ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් පමණි. ඔබ නවසීලන්තයෙන් පිටත සිටින විට, අනුමත වීසා අයදුම්පත්‍ර මධ්‍යස්ථානයක් වෙත ඔබගේ වීසා ගාස්තු ගෙවිය හැක.
නවසීලන්තයෙන් පිටත කාර්යාල (වීසා අයදුම්පත්‍ර මධ්‍යස්ථාන)
ඔබගේ රටේ අනුමත කළ පැනල් වෛද්‍යවරුන් සහ වෙනත් ලියාපදිංචි වෛද්‍යවරුන්ට පමණක් සංක්‍රමණ වෛද්‍ය පරීක්ෂණ සඳහා ගෙවීම් පිළිගැනීමට හැක. අප කිසි විටෙකත් ඔබගෙන් වෛද්‍ය පරීක්ෂණ සඳහා ගෙවීම් ඉල්ලා නොසිටිනු ඇත. මෙම ගෙවීම් සිදු කළ යුත්තේ පැනල් වෛද්‍යවරයාගේ හෝ ලියාපදිංචි වෛද්‍යවරයාගේ සායනය වෙතය.
වංචාවලින් ඔබව ආරක්ෂා කරගැනීමේ ක්‍රම
- ඔබ උපදේශකයෙකු භාවිතා කිරීම අනිවාර්ය නොවේ. ඔබ උපදේශකයෙකු භාවිතා කිරීමට තීරණය කළහොත්, බලපත්‍ර ලත් සංක්‍රමණ උපදේශකයෙකු, සහතික ලත් නවසීලන්ත නීතිඥයෙකු, හෝ නීතිමය ලෙස සංක්‍රමණ උපදෙස් ලබා දිය හැකි වෙනත් අයෙකු පමණක් භාවිතා කරන්න.
- ඔබ උපදේශකයෙකු හෝ රැකියා ඒජන්සියක් භාවිතා කරනවා නම්, වෙනත් අයගෙන් මිල ගණන් සොයා බැලීම වටී. එවිට ඔවුන්ගේ සේවාව සඳහා ඔබ සාධාරණ මිලක් ගෙවන්නේදැයි ඔබට තේරුම් ගත හැක.
- නවසීලන්ත සංක්‍රමණ නිල මාර්ගගත සේවාවන් භාවිතා කරන බවට සහතික වන්න. වෙබ් අඩවියේ ලිපිනය අවධානයෙන් පරීක්ෂා කර ‘.immigration.govt.nz’ ලෙස නිවැරදිව ඇතුළත් කර ඇති බව සනාථ කරන්න, නැතිනම් අපගේ වෙබ් අඩවිය මගින් සේවාවන්ට ප්‍රවේශ වන්න.
- ඔබට රැකියාව ලබාදෙන සේවායෝජකයා අනුමත වී ඇති බවට සනාථ කර ගන්න. අනුමත සේවායෝජක රැකියා වීසා බලපත්‍රයක් මත රැකියාවට බඳවා ගන්නා සියළුම සේවායෝජකයන් ප්‍රථමයෙන් අනුමැතිය ලබාගත යුතුය. ඔවුන් අපගේ මාර්ගස්ථ මෙවලම භාවිතා කරන බව සනාථ කර ගන්න.
- ඔබට රැකියාව ලබාදෙන සේවායෝජකයා සමඟ සම්මුඛ පරීක්ෂණ ආදිය මගින් කෙළින්ම කථා කරන්න. රටකින් රටකට යාම විශාල කැප කිරීමක් වන අතර, ඔබ රැකියාවට සුදුසු බව තහවුරු කිරීම සඳහා ඔබගේ නිපුණතාවය සම්බන්ධයෙන් අවංක වන්න.
- ඔබට සැකයක් තිබේ නම්, අපව සම්බන්ධ කරගන්න. අපට ඔබගේ වීසා විකල්ප පැහැදිලි කිරීමට සහ ඔබට කිසිවෙකු කියන තොරතුරු නිවැරදිද යන්න තහවුරු කිරීමට හැකිය. අපට ඔබගේ අයදුම්පත්‍රය පිළිබඳව තොරතුරු ලබා දිය හැක. ඔබගේ පළමු භාෂාව ඉංග්‍රීසි නොවේ නම්, අපට ඔබව පරිවර්තකයෙකු වෙත සම්බන්ධ කළ හැක.
- ඔබට හැකිනම්, නවසීලන්තය වෙත මෙවැනි ගමනක් ගිය ඔබගේ රටෙහි වෙනත් අයගෙන් කරුණු විමසා දැන ගන්න.
- ඔබගේ සේවායෝජකයා ඉදුම් හිටුම් සපයන්නේ නම්, එම ස්ථානවල ඡායාරූප ලබාගෙන කුලී නිවෙස් සේවා වෙබ් අඩවිය (Tenancy Services website) වෙත ගොස් එම ප්‍රදේශයේ එම ආකාරයේ ඉදුම් හිටුම් සම්බන්ධයෙන් වෙළඳපල කුලිය සන්සන්දනය කර කුලී නිවැසියෙකු වශයෙන් ඔබගේ අයිතිවාසිකම් දැන ගන්න.
වෙළඳපොල කුලී – කුලී නිවෙස් සේවා
පරිවර්තිත සම්පත් – කුලී නිවෙස් සේවා සසඳන්න
- ජීවන වියදම සහ සෞඛ්ය සේවා ලබාගැනීම ඇතුළුව නවසීලන්තය පිළිබඳව දැනුවත් වන්න. අපගේ Live and Work වෙබ් අඩවියට ගොස් ප්‍රයෝජනවත් තොරතුරු ලබාගත හැක.
- නවසීලන්ත සේවකයෙකු ලෙස ඔබගේ රැකියා අයිතිවාසිකම් පිළිබඳව ඉගෙන ගන්න. Employment New Zealand වෙබ් අඩවිය භාෂා කිහිපයකින් ප්‍රයෝජනවත්තොරතුරු සපයයි, සහ අවම අයිතිවාසිකම්, වගකීම් සහ රැකියා ගැටළු විසඳීම පිළිබඳව නොමිලේ ඉගෙනුම් මොඩියුලයක් ඇත.
සේවක අයිතිවාසිකම් සහ වගකීම් – Employment New Zealand
- වංචාකරුවන් සමහරවිට අසත්‍යවීසා සපයයි. නියෝජිතයෙක් හෝ උපදේශකයෙක් ඔබට නවසීලන්ත වීසා ලබා දී ඇති බව කියන්නේ නම්, එය සත්‍යදැයි අපගේ වීසා බලපත්‍ර සත්යාපන සේවාව (Visa Verification Service) භාවිතා කර පරීක්ෂා කළ හැක.
- ඔබේ රටේ පොලිසිය වැනි දේශීය අධිකාරීන් වෙත වංචා වාර්තා කරන්න. ඔබ නවසීලන්තය තුළ සිටින විට, අන්තර්ජාල වංචා Own Your Online වෙබ් අඩවිය මගින් වාර්තා කළ හැක.
දැන් උපකාර ලබාගන්න — Own Your Online
සංක්‍රමණිකයන් සමඟ වැඩ කරන සංවිධාන සඳහා සම්පත්
ඔබ නවසීලන්තයෙහි අධ්‍යයනය, රැකියාව හෝ ජීවත්විම සැලසුම් කරන පුද්ගලයන් සමඟ වැඩ කරන්නේ නම්, විය හැකි සංක්‍රමණ වංචා හෝ වීසා වංචා හඳුනාගැනීමට ඔවුන්ට උදව් කිරීමට අපගේ සමාජ මාධ්‍ය පැකේජය (social media pack) භාවිතා කරන්න.
මෙම සම්පත් ඉංග්‍රීසි සහ වෙනත් භාෂාවලින් ලබාගත හැක.